සෝනි සමාගමේ අලුත්ම කැමරාව A7c

Created : 2020-Sep-16  |  Updated : 2020-Sep-16

කවුරුත් නොහිතපු වෙලාවක sony සමාගමෙන් ඊයේ ( 9-15-2020 ) නිකුත් කරනවා අලුත් කැමරාවක්. ගොඩක් තැන් වල අපි දැක්කා ඒ ගොල්ලෝ දාලා තියෙනවා New Concept Coming කියලා. එත් ගොඩක් දෙනෙකුට අදහසක් තිබ්බේ නෑ මේක මොන වගේ කැමරාවක්ද කියලා. 




කොහොම නමුත් දැන් අපි හැමෝම දන්නවා මේ කැමරාව මොන වගේ එකක්ද කියලා. පෙනුමෙන් පොඩි මුහුණුවරක් ගත්තත් මේකත් Fully Digital Mirrorless කැමරා එකක්. ඇත්තටම මේක දැනට තියෙන පොඩිම Full frame කැමරාව කිව්වොත් නිවැරදියි. මේකේ බර ග්‍රෑම් 507.5 යි, ඒ නිසාම තම මේ කැමරාව පොඩිම full frame කැමරාව ලෙස හඳුන්වන්නේ. ඒ වගේම තමා මේ කැමරාවත් සමග sony සමාගමෙන් අලුත්ම lens එකකුත් හඳුන්වා දුන්නා ඒ තමයි Sony FE 28-60mm f/4-5.6 lens එක. 


කැමරාව ප්‍රමාණයෙන් පොඩි උනාට, sony සමාගම මේ කැමරාවට සෑහෙන featues ප්‍රමාණයක් අන්තර්ගත කරලා තියෙනවා. 5-axis in-body image stabilization එක විශේෂත්වයක් ගන්නවා. මේ කැමරාවේ sensor එක 24.2 MP වන අතර BIONZ X image processor එකකින් සමන්විත වෙලා තියෙනවා. ඉතිං කැමරාව පොඩි උනාට මේකේ Battery life නම් එක බලපෑමක් වෙලා නැහැ, ඒ මේකට අන්තර්ගත වෙලා තියෙන්නෙත් A7III, A9 කැමරාවලට එන Sony FZ100 කියන Battery එක නිසා. ඒ වගේම මේ A7c කැමරාවට 3-inch 921K dot vari-angle LCD screen එකකුත් අන්තර්ගත කර තිබෙනවා. මෙහි තවත් වැදගත්ම දෙයක් වන්නේ මේ කැමරාවට 15 stops Dynamic range එකක් සහ උපරිම ISO ප්‍රමාණය 204,800 දකවා වැඩි කිරීමට හැකිවීමයි.එලෙසම continuous shoot කරනකොට අපිට 10 Fps දක්වා යෑමට පුළුවන්.



මේ A7c කැමරාවේ එන අනිත් විශේෂම ගුණාංගය තමයි මෙහි focus points ගණන 693 phase detect සහ 425 contrast detect autofocus points සමග මිනිස් සහ සත්ව අක්ෂිද පහුවෙන්ම focus ගැනීමට හැකියාව ලබාදී තිබිම. මේ කැමරාවේ menu system එක නම් මීට කලින් නිකුත් කරපු A7SIII කැමරාව මෙන් design කර නැහැ, නමුත් මෙය ගොඩක් දුරට ZV-1 කැමරාව හා සමාන menu system එකක් තමයි තියෙන්නේ. 


ඉතිං මේකේ වීඩියෝ සම්බන්ධව කතා කලොත් අපිට පුළුවන් අපිට මේ කැමරාවෙන් 8-bit 4:2:0 4K 24p/30p හෝ 120 fps in Full HD දක්වා උපරිමයකට යන්න. ඒ කියන්නේ මේකට 4K 60fps හෝ 120Fps වීඩියෝ කිරීමේ පහසුකම ලබාදීලා නැහැ. හැබැයි මේකට S-Log 3/2 සහ HLG/HDR shooting පහසුකම සමග 14 stops of dynamic range අගයක් සමග ලබාදීලා තියෙනවා.ඒ වගේම වීඩියෝ වලට Real-time Eye AF පහසුමද ඇතුලත්. ඉතිං පහලින් මම සඳහන් කරලා තියෙන්නේ මේ කැමරාවේ තියෙන සේරම specs ටික.