පොඩ්ඩන්ගේ මුහුණුවලට සතුට ගෙනාපු CameraLK නැණ සවිය - New year CameraLK Charity Project...!

පොඩ්ඩන්ගේ මුහුණුවලට සතුට ගෙනාපු CameraLK නැණ සවිය - New year CameraLK charity project..!

CameraLK-නැණ සවිය සමග පුංචි දරු පැටව් ටිකක් ගොඩාක් සතුටු වුණ දවසක් !


මේ දවස්වල තියෙන ආර්ථික දුශ්කරතා එක්ක, දෙමාපියන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ අලුත් අවුරුද්දේ, තමන්ගේ පුංචි දරු පැටවුන්ට අලුතින් පාසල් යන්න පාසල් උපකරණ ටික අරන් දෙන්න. ඒ අතරිනුත් අති දුෂ්කර පළාත්වල ජීවත් වෙන අම්මලා තාත්තලා ගොඩක්ම අසරණ වෙලා ඉන්න මොහොතක් මේක. 


ඉතින් අපි හිතුවා CameraLK ආයතනය විදිහට අපේ නැණ සවිය ව්‍යාපෘතිය මඟින් මේ පුංචි දරුවන්ගේ හෙට දවස එළිය කරන්න අලුත් බලාපොරොත්තුවක් අරන් යන්න. ඒ පුංචි උත්සහයෙන් ලංකාවේ අති දුශ්කර කලපයට අයිති වුණ කෑගල්ල හා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ තෝරාගත් පාසල් හතරක පුංචි දරුවන්ට අලුත් අවුරුරුද්දට තෑගි අරන් අපි ගියා එයාලව බලන්න. අලුත් වාරේට අලුත් පොත් ලැබුණ සතුටට ඒ පුංචි මූනූ හිනාවෙන් පිරිලා තිබුණු හැටි දැකපු අපිත් ගොඩක් සතුටු උනා.

මේ කාර්‍යය සාර්ථක කරගන්න අපිට සහය දුන් කැබිතිගොල්ලෑව පොලිස් ස්ථාන භාර ජ්‍යේශ්ඨ පොලිස් අධිකාරීතුමන්ද, කෑගල්ල හා කැබිතිගොල්ලෑව තෝරාගත් පාසල්වල විදුහල්පතිවරු හා ගුරුභවතුන්ටද, නන් අයුරින් සහය දුන් සැම ද අප ආයතනය වෙනුවෙන් ආදරයෙන් මතක් කරන අතරම ස්තූතිය ද මෙසේ පල කරමු.