අපි ගන්න පින්තූරවලින් පොතක් හදමු

Created : 2021-Jun-30  |  Updated : 2021-Jun-30

අපි ගන්න ලස්සන ලස්සන පින්තූර වලට මොකද කරන්නේ. Online share කරනවා, competition දානවා, ඊට අමතරව කවුරුහරි කැමතිනම් ප්‍රින්ට් කරලා ලස්සන පොතක් හදා ගන්න, මේ ලිපිය ඒ අයටයි. 



coffee table book එකක් වගේ හදලා සාලේ තියලා ගෙදරට කවුරු හරි ආවම ඒක බලලා ඒක බලලා පින්තූර ලස්සනයි කියලා අහගන්න අපි හැමෝම කැමතියි. ඒක කම්පියුටර් එක ඔන් කරගෙන FOLDER අස්සට ගිහිල්ලා පින්තූර බලන්නවාට වැඩිය පහසුයි, ලේසියි. අනිත් එක පින්තූර ප්‍රින්ට් කෙරුවම හරිම ලස්සනයි.

තමං ගේ පින්තූරයක් ප්‍රින්ට් වෙලා එනවා දකින එක පවා හරිම ආස්වාදජනක අත්දැකීමක්. ඒ විතරක් නෙමේ පින්තූරෙක අඩුපාඩු උනත් හොදට පේන්නෙත් ප්‍රින්ට් කරලා බලනකොට තමයි.

මටත් ඕන වුණා පින්තූර ප්‍රින්ට් කරලා, හැමෝටම ඕන වෙලාවක බලන්න පුළුවන් වෙන විදිහටත් , කල් පවතින විදිහටත් හදාගෙන ගෙදර තියාගන්න. ඉතින් මම හොයල බැලුවා ඒ වැඩේ කරන්න හොඳම විදිය මොකක්ද කියලා. මට මුලින්ම හම්බ උනේ මෙන්න මේ පොටෝ ඇල්බම් එක.. 


මේකට පුළුවන් අඟල් 8 x12 ප්‍රින්ට් කරලා කරල දාන්න. ඇත්තටම 8x12 ඒකට ටිකක් ලොකුයි. නමුත් ඊට වඩා පොඩියට ප්‍රින්ටි කරලා වැඩකුත් නෑනේ.


ඉතින් මොකද වෙන්නේ ටික දවසක් යනකොට මේ පොලිතීන් එකේ ඇලවෙන ගතිය යනවා. නැත්තං පින්තූර පොලිතීන් එකට ඇලිලා. එහෙම නැත්නම් පින්තූර පුස් වගේ අල්ලලා. තව ටික දවසක් යනකොට මෙන්න මේ වගේ පිටු ඉරිලා ගැලවිලා එන්න පටන් ගන්නවා .

ඒ විතරක් නෙමෙයි මේකේ වියදමක් වියදම ටිකත් වැඩියි. මේක අසාර්ථක වුණා. ඇල්බම් දෙකක් දෙන හදලා, ඒ වැඩේ අත ඇරලා දැම්ම. ඊට පස්සේ මම කිව්වේ මටම කියල කියලා ඇල්බම් එකක් හදාගත්තා. ඉස්සර කාලයේ ඇල්බම් විදියට. පිටකොටුවේ ගිහිල්ලා මේ කඩදාසි කොළ, සව් කොළ ගෙනල්ලා සලාකා එකෙන් බයින්ඩ් කරගෙන ඇල්බම් එකක් හැදුවේ පින්තූර වලට ජල වාෂ්ප වලින් තියෙන හානිය අඩු කරන්නයි. 



මේ පාරත් 8x 12 ප්‍රින්ට් කරලා, double side tape දාලා පිංතූර ඇලෙව්වා. එකෙක් ටික දවසක් යනකොට පින්තූර ගැල වෙන්න පටන් ගත්තා. මේ විදියට ඇල්බම් හදන එක පොඩි අැනයකුත් වුණා. හරිම දුකක් තමයි වින්දේ. ඒ වැඩෙත් ටික දවසකින් මග නතර වුණා. ඊට පස්සේ තමයි නියම වැඩේ පටන් ගත්තේ.

 මට හිතුනා මට 8x13 wedding album වගේ මේ වැඩෙත් කරගෙන යන්න. පින්තූර ගන්න ගියාම, ට්‍රිප් එකක් ගියාම වදින හොඳ පින්තූර කිහිපය, ප්‍රින්ට් කරලා ගන්න ඕන කියලා හිතෙන පින්තූර, වෙනම PRINT කියලා FOLDER එකක save කර ගත්තා.

8 x13ට සයිස් කරේ අඟලක පටියක් bind එකට ඉතුරු කරලා . 


මේ විදියට පිංතූර 10 ක් විතර එකතු වෙනකොට මම ගිහිල්ලා print කරගෙන, UV ලැමිනේෂන් එකත් දාගෙන එනවා. මම සාමාන්‍යයෙන් පිංතූර ප්‍රින්ට් කරන්නේ සේයාකළර් එකෙන් නැත්තං කැෆේ පික්සල් එකෙන්. Matt paper එකේ. Matt lamination එක දාන්නේ. මේ විදියට පිංතූර පනහක් හැටක් විතර ප්‍රින්ට් කරගෙන එකතු උනාට පස්සේ, ඒක ඇල්බම් එකක් විදියට බයින්ඩ් කරගන්නවා. 

මීට අමතරව MAGAZINE TYPE COFFEE TABLE BOOK එකක් වගේ පොඩි ඩිසයින් එකක් එහෙමත් දාලා දාලා පොඩි පොතක් හදා ගන්නත් පුළුවන්.




 හැබැයි මම නම් කැමතියි අනිත් ඇල්බම් එකට. ඒකෙ පින්තූර හොඳයි. sharp, colors ලස්සනයි. පිරිවැයත් අඩුයි. ඉතින් ඔබත් හිතාගෙන ඉන්නවනම් උඹේ පිංතූරත් ලස්සනට කාටත් ලේසියෙන් පහසුවෙන් දකින්න පුළුවන් විදියටත්, කල්පවතින විදියටත්, තියා ගන්න ඕනේ කියලා, මේ OPTION පොඩ්ඩක් හිතලා බලන්න .


Upul Rodrigo. Dip. in Photography, University of Kelaniya, 

Lecturer, CameraLK Academy.

Comments