කුරුළු ජායාරූපකරණයට කියාපු භාණ්ඩේ - SUPER TELE ZOOM LENS.

Created : 2021-Jul-07  |  Updated : 2021-Jul-07

හොඳයි අපි මුලින්ම බලමු මොකක්ද මේ SUPER TELE ZOOM LENS එකක් කියන්නේ මොකක්ද කියලා.

* උපරිම නාභි දුර අගය ඒ කියන්නේ MAXIMUM FOCAL LENGTH එක 500mm හෝ ඊට වැඩි සූම් කාච මෙලෙස හැඳින්වීමට පුළුවන්.



උදා - Nikon 200-500mm , Tamron /Sigma 150-600mm , Sony 200-600mm වැනි කාච.

ඇත්තටම රුපියල් මිලියන දෙකකටත් වැඩි මුදලක් වැය කර 500mm f/4, 600mm f/4 වැනි Tele Prime Lens එකක් මිලදී ගැනීමට අපහසු බොහෝ දෙනෙකුට Super Tele Zoom ලෙන්ස් එකක් කදිම ආදේශකයක්.

අද වනවිට ලොව පුරා බොහෝ වනජීවී ඡායාරුප ශිල්පීන් අතර මෙම කාච අතිශයින්ම ජනප්‍රිය යි.මෙම කාචයක මිල සමාන නාභි දුරක් ඇති Tele Prime එකකට වඩා දහයෙන් එකකටත් වඩා අඩුයි.

මගේ ප්‍රියතම ඉසව්වක් වන කුරුළු ජායාරූපකරණයට මා අදටත් භාවිතා කරන්නේ, මෙයට වසර හතකට පෙර Camera LK ආයතනයෙන් මිලදී ගත් Tamron 150-600mm f/5-6.3 G1 කාචයයි.

* සාපේක්ෂව බරින් අඩුවීම නිසා Handheld වැඩකිරීමේ පහසුව

* මිල හා සසඳන විට ඉහල Image quality එක.

* සතුටු විය හැකි මට්ටමේ Focusing speed එක.

වැනි කරුණු අනුව, මගේ අත්දැකීම් අනුව මෙවැනි කාචයක් සමග කුරුළු ජායාරූපකරණයෙන් සතුටුදායක ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන්.

දැන් අපි ඔබ දකින මෙම පින්තූර විමසා බලමු.

(01) මා භාවිතා කරන Tamron 150-600mm Super Tele Zoom Lens එක.

(02) ඉහත කාචය භාවිතා කර මා හෝර්ටන් තැන්නේදී ගත් ජායාරූපයක්.(මෙම ජායාරූපය ට 2019 වසරේ ISLP Excellence තරඟයේදී වනජීවී ඡායාරුප අංශයෙන් තෙවන ස්ථානය හිමිවිය.)

(02) ඉහත කාචයෙන් ගත් මෙම ජායාරූපයට 2017 රාජ්‍ය ජායාරූප තරගයේදී MERIT AWARD එකක් හිමිවිය.

(03) ඉහත කාචයෙන් ගත් මෙම ජායාරූපය මෙම වසරේ Desk calendar එකක පලවිය.

(දෙවන සහ තෙවන ජායාරූප තලංගම තෙත් බිම් පරිසරයේදී රූගත කල ඒවා වේ.)

ඉතින් , තමන් සතු කාචයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ඔබත් අදිටන් කර ගන්න.

ස්තූතියි.


Mohan Nath Hathnapitiya.

Lecturer - Camera LK Photography Academy.

(B,Sc. Colombo)

PG.Dip. Writership and Communication - J'Pura).


Comments