පරණ තාලෙට අලුත් වැඩ එක්ක එන Nikon Z fc

Created : 2021-Jul-02  |  Updated : 2021-Jul-02

කැමරා සන්නාම අතරේ දැවැන්ත නාමයක්වන නිකොන් ආයතනය මගින් තමන්ගේ දෙවන Retro මාදිලියේ කැමරාව මෙන්ම Retro මාදිලියේ පළමුවන mirrorless කැමරාව මෑතකදී එළිදක්වන ලදි. Nikon Z fc නමින් හඳුන්වන මෙම කැමරාව මෙගා පික්සල් 20.9ක APC-S ප්‍රමාණයේ සංවේදකයක් සහිත කැමරාවක්.




Retro style පිලිබඳව පැහැදිලිකිරීමක් කලහොත් එයින් කියවෙන්නෙ අතීත කාලයේ තිබූ ක්‍රමයක් හෝ හැඩතලයක් අනුසාරයෙන් නිර්මාණය කරනලද නව උපකරණයක්. එදිනෙදා ජීවිතයෙදි සමහරවිට මෙවන් උපකරණ හෝ වාහන ඔබ විසින් දැනටමත් දැක තිබෙනවාට සැකයක් නැහැ. දැනටමත් ෆුජි සහ සෝනි ආයතනවල ඩිජිටල් කැමරාවන් මෙ ආකාරයෙන් නිපදවා තිබේ. දැනට වසර කිහිපයකට පෙර නිශ්පාදනය කරනලද Nikon DF කැමරාව නිකොන් නිපදවූ රෙට්‍රො මාදිලියේ පළමුවන කැමරාව වන අතර මෙය 35mm Sensor එකකින් සමන්විත DSLR කැමරවකි

1960 -70 දශකවල භාවිතාකල නිකොන් කැමරාවන්වල තිබූ හැඩය යොදාගනිමින් Nikon Z fc කැමරාව නිර්මාණය කර ඇති අතර එම කැමරාවල තිබූ ආකාරයෙන්ම කැමරාවේ නම කැමරාව උඩ සටහන් කර ඇත. එමෙන්ම කැමරාවෙ shutter speed, ISO අගය වෙනස් කිරීම් සඳහා වෙන වෙනම අගයන් සටහන් කරන ලද dials ලබාදී තිබේ

නැවතත් Nikon Z fc කැමරාව වෙත අපගේ අවධානය යොමු කලොත් මෙම කැමරාව මෙගා පික්සල් 20.9ක සංවේදකයක් සහිත නිකොන් යොදාගන්නා නවතම Image processing mechanism එක වන Expeed 6 processor එකකින් යුතු වනවා. Nikon mirrorless කැමරාවල අඩංගුවන Z mount කාචයන් සඳහා මෙම කැමරාව නිපදවා ඇත. 1/4000sec උපරිම shutter speed එකක් ලබාගත හැකි අතර මෙම කැමරාව නිකොන් 16-50mm කාචයත් සමග වෙළඳපලට නිකුත් වනු ඇත.

නිකොන් 5000 කැමරා මාදිලිවල දකින්නට ලැබුනු විවිධ කෝනයන්ට හැරවිය හැකි අඟල් 3ක touch display එකක් මෙහිදී දකින්නට ලැබෙන අතර එය vlog කරන අය සඳහාද උචිතයි. වීඩියෝ පහසුකම 4K 30p මට්ටමේ උපරිමයකට නතුවෙයි.

තවද මෙම කැමරාව Nikon’s intelligent Eye-Detection තාක්ශණය භාවිතා කරන අතර එමගින් Photo සහ Video ක්‍රම දෙකේදීම ඇස නාභිගත කිරීමේ හැකියාව ලබාදෙයි. එමෙන්ම මෙහි ඇති තවත් විෂේශත්වයක් වන්නේ මෙම කැමරාවේ දර්ශණ පඨයෙන් 87%ම එහි Focus point මගින් ආවරණය කර තිබීමයි. එම නිසා ඡායාරූපයට ලක්වන වස්තුව කොතැන තිබුනත් එය නාභිගත කරගැනීමේ හැකියාව මින් ලැබෙනු ඇත. 

ISO අගය 51200 වනතෙක් පුළුල් පරාසයක් (expandable to ISO 204,800) මෙහි ඇති අතර එමගින් ඉතා අඩු ආලෝක තත්වයක් යටතේ වුවද ඉතා පැහැදිලි ඡායාරූපයක් ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර තවද විවිධ preset 20ක ප්‍රමාණයක් යොදාගනිමින් ඒවායේ ගුණාංග සජීවීව නරඹමින් ඡායාරූප සහ වීඩීයෝ පටිගතකිරීම් සිදුකිරීමේ හැකියාව ඇත.

Nikon Z fc කැමරාව පෙර නොවූ අයුරින් වර්ණ 6කින් වෙලඳපලට පැමිනෙනු ඇත.

විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයේ යෙදෙන කෙනෙක් හෝ තම දෙවන කැමරාව ලෙස රෙට්‍රෝ මාදිලියේ කැමරාවක් භාවිතා කිරීමට ප්‍රිය කරණ අයෙක්ට Nikon Z fc කැමරාව ඉතාමත් ගැලපෙන කැමරාවක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. කැමරාවේ dials පිහිටන ආකාරයේ නොයෙක් වෙනස්කම් තිබෙන නමුත් ඒවා මදක් භාවිතා කරන විට ඒවාට හුරුවීම එතරම් අපහසු දෙයක් නොවන බව ඔබට හැඟීයන අතර ඉතා ඉක්මනින් මෙම කැමරාව ඔබගේ ප්‍රියතම කැමරාවක් බවට පත්වෙනව නිසැකයි.