දැයේ දරුවන්ගේ නැණස පාදන්නට CameraLK තිළිණයක් !

රත්නපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක්වන තලගහවත්ත ගාමිණී විද්‍යාලයට CameraLK (Pvt) Ltd ආයතනයේ සහ එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ මූල්‍ය දායකත්වයෙන් විද්‍යාලයට සුහුරු පුවරුවක් පරිත්‍යාගයක් කරන ළදි. දැයේ දරුවන්ගේ නැණස පැදීමට දායකත්වය ලබාදීමට හැකිවීම පිළිබඳව CameraLK ආයතනය ලෙස අපි බෙහෙවිම් සතුටු වන්නෙමු.