ලෝකයේ කුඩාම Full Frame කැමරාව - Sony A7C

Created : 2020-Oct-09  |  Updated : 2020-Oct-09

sony a7c කියන්නේ sony a7 series එකේ පෙරළිකාරයා කිව්වොත් නිවැරදියි. මොකද මේක sony සමාගමෙන් හඳුන්වා දෙන්නේ මේ ලෝකේ තියෙන කුඩාම fullframe කැමරාව ලෙසයි, ඇත්තටම කිව්වොත් මේක තමා ලෝකේ තියෙන IBIS පහසුකම සහිත Full frame කැමරාව කිව්වොත් තමයි වඩාත්ම නිවැරදි. 



(Image credit: Rod Lawton)

සයිස් එක පොඩි උනාට මේකේ වැඩ පොඩි නැහැ, මේකේ screen එක දැන් side එකට flip කරන්නත් පුළුවන් සහ මේ කැමරාව අපිට පාට දෙකකින් ලබාගන්න පුලවන්. ඒ Ivory white සහ Black color mix කරපු model එක සහ all black මොඩෙල් එක.

ඉතිං මේ කැමරාවේ තියෙන්නෙත් A7III කැමරාවේ තියෙන sensor එකමයි, හැබැයි මේකේ 4K වීඩියෝ record වෙන්නේ 30p වෙනකන් විතරයි, ඒ වගේම වීඩියෝ කරද්දී time limit එකක් නැහැ, එකදිගට වීඩියෝ කරන්න පුළුවන්. 

පුද්ගලිකව මම මේ කැමරාවට ආසම මේකේ තියෙන compact බව නිසයි, ඒ වගේම මම අසම අනිත් දේ තමා Sony A9, A9II කමරවලටත් නැති picture profile මේකට එකතු කරලා තියෙන එක. එත් එක්කම Sony S-Log2, S-Log3 සහ HLG modes ඒ විදිහටම මේකට අන්තර්ගත තිබෙනවා. 

මේ Sony A7c කැමරාව මිලදී ගන්න ඉන්න ඔබට දැනට තියෙන හොඳම සහ fastest ම autofocus technology එක සමග 693 phase AF points සහ 425 contrast AF points ප්‍රමාණයක් frame එකේ 93%කම ආවරණය වන පරිදි භාවිත කරන්න පුළුවන්කම ලැබෙනවා. එත් සමගම A7R IV, A7S III කාමරවල වගේම human/animal AF සහ left/right eye වෙනම focus කරගැනීමත් මේ කැමරාවෙන් කරගන්න පුළුවන්. 

A7c කැමරාව වැඩ ගොඩක් එක්ක එන පොඩි කැමරාවක් මේකෙත් 10Fps continuous shoot කරන්න පුළුවන්, සහ Sony සමාගම කියන විදිහට අපිට මේකෙන් 115 raw files or 223 JPEG images buffer කරගන්න පුළුවන් burst mode එකේ shoot කරනකොට. ඇත්තම එක දැනට තියෙන සාමාන්‍ය කැමරා සැහෙන ප්‍රමාණයකට කල නොහැකි දෙයක්. 

මේ කැමරාව ගැන කතාකරනකොට සඳහන් කලයුතුම දෙයක් තමා මේක compact උනාට අතට හොඳට හසුවන විදිහට කැමරාව design කරලා තියෙනවා, මේකේ body එක සුපුරුදු magnesium alloy වලින් නිමවා තිබෙනවා. menu system එක ගැන කතා කරනකොට එය සාමානය A7 කැමරා හා සමානයි, අළුත් A7SIII එකේ විදිහට නෙමෙයි මේකේ menu system එක design කරලා තියෙන්නේ. 

(Image credit: Rod Lawton)

අලුතින් ආපු A7c කැමරාවත් සමග තවත් අලුත් ලෙන්ස් එකකුත් ආවා, ඒ තමයි 28-60mm kit ලෙන්ස් එක. එකත් බරින් අඩු වීම සහ sharpness අතින් බලනකොට ඉතාමත්ම හොඳ ලෙන්ස් එකක්. හැබැයි මේකේ aperture එක variable, 4.5 සිට 5.6 දක්වා අගයකට විහිදී යනවා සහ මේ ලෙන්ස් එකේ AF කිරීම ඉතා හොඳ වේගයකින් සිදුවෙනවා. 

(Image credit: Rod Lawton)

ඉතින් මේක පාවිච්චි කරනකොට මට දැනුනු දේවල් තම මම ඉහලින් සඳහන් කලේ,ඒ වගේම මේ කැමරාව Wildlife, sport photography කරන යටත් ඉතාමත්ම use කරන්න පුළුවන් සහ street photography වගේ කරනවා නම් එයාලත් වඩාත් පහසු කැමරාවක් වබ බව නම් විස්වාසයි. ඒ වගේම wedding photography කරන අයගේ backup කැමරවටත් මේ කැමරාව වඩාත් සුදුසුයි. 

අනුෂ්ක එරංග

Comments