ඡායාරූපකරණයේ ඉතිහාසය - 2 කොටස

Created : 2020-Sep-02  |  Updated : 2020-Sep-02

අද අප භාවිතා කරන අධි තාක්ෂණික කැමරාව සිය හැකියාවන් අත්පත් කර ගැනීමට එය ඉතා දිගු ‌ෙඑතිහාසික කඩයිම් රාශියක් පසුකර පැමිණ ඇත. ඡායාරූපකරණයේ නියුතු මෙන්ම නියැලීමට බලාපොරොත්තුවන ඔබ ඡායාරූප කරණයේ ඉතිහාසය පිළිබද යම් අවබෝධයක් ලබා සිටීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයකි.

මේ එම අරමුණ ඉටුකිරීම වෙනුවෙන් CameraLK වෙතින් ඔබ වෙත ගෙන එන ඡායාරූප ශිල්ප ඉතිහාසය

පිළිබඳ ලිපි මාලාවේ දෙවැනි කොටසයි. 



මින් අනතුරුව ඡායාරූප ශිල්පය කෙරෙහි වැදගත් විද්‍යාත්මක සොයා ගැනීමක් සිදු කරන ලද්දේ 18 වන සියවසේ දී ජර්මානු ජාතික රසායන විද්‍යාඥ ජොහාන් ෂුල්ස් (Johann Schulz) විසිනි. එනම් ආලෝකය මගින් රිදී ලවණ කළු පැහැ ගැන්වෙන බව ඔහු විසින් පර්යේෂණාත්මකව පෙන්වා දෙන ලදී. මින් පෙර පිළිගෙන තිබූ මතය වූයේ එය සිදුවන්නේ වාතය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් බවයි.

ඉන් අනතුරුව ආලෝක සංවේදීතාව පිළිබිඹු තැනීම සඳහා යොදාගැනීම පිළිබඳ පර්යේෂණ කළ අයෙකු ලෙස බ්‍රිතාන්‍ය මැටි භාණ්ඩ නිපැයීමේ පරම්පරාවකින් පැවත එන තෝමස් වෙජ්වුඩ්(Thomas Wedgwood) හැඳින්විය හැකි ය. මැටි භාණ්ඩ මත විවිධ මෝස්තර සටහන් කිරීම සඳහා ඔහුගේ පියා වූ ජොෂියා වෙජ්වුඩ්(Josiah Wedgwood) කැමරා ඔබ්ස්කියුරාව යොදාගෙන තිබූ අතර, 1800 දී පමණ තෝමස් රිදී ලවණ ගැල්වූ කඩදාසි යොදාගෙන එවැනි රටා සටහන් කිරීමේ පර්යේෂණවල නිරත වී ඇත. ඔහුගේ මිතුරෙකු වූ රසායන විද්‍යාඥ හම්ප්රි ඩේවි (Humphry Davy) රිදී නයිට්රේට්වලට වඩා රිදී ක්ලෝරයිඩ් ආලෝකය කෙරෙහි වඩා සංවේදී බව පැවසීමෙන් පසු ඒවා යොදාගෙන ද පර්යේෂණ පවත්වා ඇත. ඔහු විසින් දුර්වල ප්රෙතිබිම්බ සටහන් කරගෙන ඇතත් ඒවා ස්ථාවර කිරීමේ ක්රතමවේදයක් නොතිබූ බැවින් ස්ථිර පිළිබිඹු සටහන් කරගැනීමට නොහැකි වී ඇත. එනම් එම පිළිබිඹු ආලෝකයට නිරාවරණය වීමෙන් පසු සම්පූර්ණයෙන් දැවී කළු වී ඇත. 1805 දී තෝමස් වෙජ්වුඩ් මිය යෑමෙන් පසු ඔහුගේ පර්යේෂණ පිළිබඳව හම්ප්රිහ ඩේවිබ්රිූතාන්යෙ රාජකීය විද්‍යා ආයතනයට වාර්තා කිරීමෙන් පසු එහි ශාස්ත්‍රීණය වාර ප්‍රකාශනයෙහි ඒ පිළිබඳ ලිපියක් පල වී ඇත.

මෙම කාල වකවානුවේ ම ප්‍රංශ ජාතික ජෝසෆ් නිසිෆෝර් නීප්ස් (Joseph Nicephore Niepce) ද තමන් විසින් සකසා ගත් ආලෝක සංවේදී බිටුමන් ඔෆ් ජුඩියා (Bitumen of Judea) නම් රසායන ද්‍රව්‍යා යොදාගනිමින් පිළිබිඹුවක් සටහන් කරගැනීමේ පර්යේෂණවල නිරත වී ඇත. 

1823 දී පමණ බිටුමන් තැවරූ වීදුරු තහඩුවක් මත අශ්ව රුවක් සහිත කැටයම් සිතුවමක් තැබූ ඔහු එය පැය කිහිපයක් ඉර එළියට නිරාවරණය වීමට තබා පසුව එය ලැවෙන්ඩර් තෙල් යොදාගෙන සෝදා හරින ලදී. එහි දී ස්ථාවර පිළිබිඹුවක් සටහන් කරගැනීමට ඔහු සමත් විය. මෙම පර්යේෂණ දිගින් දිගට ම සිදු කළ ඔහු පසුව කැමරා ඔබ්ස්කියුරා සමග ද බිටුමන් තැවරූ සින්ක් සහ පිව්ටර් (Zink & pewter) තහඩු යොදාගෙන පර්යේෂණ සිදු කර ඇත.

එවැනි පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස 1826 දී පැය 8 ක අනාවරණ කාලයකින් අනතුරු ව තම කාමරයෙන් එපිට දර්ශනයක් සහිත ලොව පළමු සේයාරුව නිර්මාණය කිරීමට ඔහු සමත් විය. ඔහුගේ මෙම ක්‍රයාවලිය හිරු එළියෙන් පිළිබිඹු තැනීම යන අර්ථය දෙන හීලියෝග්රැ ෆි (Heliography) ලෙස නම්කර තිබුණි.

නීප්ස්ගේ සමකාලීන ප්‍රංශ ජාතික පර්යේෂකයෙකු වූ ලුවී ජාක් මැන්ඩේ ඩැගියුරේ (Louis Jacques Mande Daguerre) ද ආලෝකය යොදාගනිමින් රූප ග්රෂහණය කිරීමේ පර්යේෂණවල නිරත වූවෙකි. ඔහුට මුල දී ආලෝකය මගින් රූපයක් සටහන් කරගත හැකි වුවත් එය යම් කාලයක් තුළ මැකී යෑම නවත්වාලිය නොහැකි වූ අතර, පසුව නීප්ස් සමග එක්ව තවදුරටත් පර්යේෂණවල නිරත වීමට ඔහු කටයුතු කළේ ය. ඒ අනුව නීප්ස්ගේ අභාවයෙන් පසු ඔහුගේ පුත්‍රගයා සමග එකතුව එම ක්රනමය වැඩිදියුණු කරමින් අනාවරණ කාලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගැනීමටත්, ලැබෙන පිළිබිඹුව ස්ථාවර කරගැනීමටත් ඩැගියුරේ සමත් විය.

එම විද්‍යාත්මක පිරිසැකසුම් කිරීමේ ක්‍රමවේදය තමාගේ නමින් නම් කළ අතර එය ‘ඩැගියුරෝ ක්‍රමය’ (Daguerreotype) ලෙස හඳුන්වන ලදී. මෙම ක්‍රමය මගින් අනාවරණ කාලය විනාඩි 4 ක් දක්වා අඩුකර ගැනුණු අතර, පසුව එය විනාඩි 1 ක් දක්වා අඩුකර ගැනීමට හැකි විය.

ඩැගියුරෝ ක්‍රමයේ දී රිදී ආලේපිත තඹ තහඩුවක් මත පිළිබිඹු සටහන් කරගනු ලබයි. එහි දී ඔහු මුලින් රිදී ඔප දමා අයඩින් ආලේප කර ආලෝකයට සංවේදී මතුපිටක් නිර්මාණය කළේ ය. ඉන්පසු එම තහඩුව කැමරාවකට දමා මිනිත්තු කිහිපයක් අනාවරණය කරනු ලබන අතර, පසුව රූපය ආලෝකයෙන් පින්තාරු කිරීමෙන් පසුව, රිදී ක්ලෝරයිඩ් ද්‍රාවණයකින් තහඩුව සෝදාහරිනු ලබයි. මෙම ක්‍රියාවලිය මගින් ආලෝකයට නිරාවරණය වුවත් වෙනස් නොවන, කල්පවත්නා රූපයක් නිර්මාණය කළ අතර එය ඡායාරූපකරණයේ නව මංපෙත් විවර කරන ලදී.

මිනිස් රුවක් සහිත ලොව පළමු ඡායාරූපය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ද ඩැගියුරේ හට වේ. 1838 දී ප්‍රංශයේ, පැරිස් නගරයේ, බුලවාර්ඩ් වීදියේ ගන්නා ලද ඡායාරූපයක තම පාවහන් ඔපදැමීම සඳහා නොසෙල්වී ටික වේලාවක් රැඳී සිටින පුද්ගලයෙකු සටහන් වී අති අතර, මිනිසුන් හා අශ්ව රථ මෙන් ම වෙනත් චලනය වන අරමුණු මෙහි සටහන්ව නැත්තේ අනාවරණ කාලය විනාඩියක් පමණ වූ නිසාවෙනි.

1839 ජනවාරි මස ප්‍රංශ විද්‍යා ඇකඩමියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 1839 අගෝස්තු 19 දින ඡායාරූප නිර්මාණය කිරීම පිළිබඳ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස මෙම ‘ඩැගියුරෝ ක්‍රමය’ ප්‍රසිද්ධියට පත් කරන ලදී. එම පැසුරුම් ක්‍රියාවලිය පැහැදිලි කරමින් භාෂා 6 කින් ග්‍රන්ථයක් ද එළිදක්වා ඇති අතර, එම ක්‍රමය ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වී ඇත.

මේ අනුව පුද්ගල ආලේඛ්‍ය ඡායාරූපගත කිරීම වඩාත් ජනප්‍රිය වී ඇති අතර, විනාඩියක කාලයක් නොසෙල්වී සිටිය හැකි ආකාරයෙන් හිස හා ශරීරය රැඳවිය හැකි ආසන පවා නිපදවා තිබිණි. 1850 වන විට නිව්යෝර්ක් නගරයේ පමණක් ඩැගියුරෝ ක්‍රමය භාවිත කරන චිත්‍රාගාර 70 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වී ඇත.


සබැඳි ලිපි

ඡායාරූපකරණයේ ඉතිහාසය - 1 කොටස

ඡායාරූපකරණයේ ඉතිහාසය - අවසන් කොටස

Comments