ආලෝකයේ හැම පැත්තක්ම බලන Godox

Created : 2021-Oct-07  |  Updated : 2021-Oct-07

Photography කියන්නෙම ආලෝකයත් එක්ක කරන සෙල්ලමක්. කොහොම උනත් ස්වභාවික ආලෝකයක් එනම් ඉර එළිය හෝ හඳ එළිය අපේ පිහිටට එන්නෙ නැති වෙලාවල්වල අපිට වෙනව කෘ‍ත්‍රීම ආලෝකයක පිහිට පතන්න. අන්න ඒ වගේ වෙලාවක අපේ වගේ රටකට අපේ සාක්කුවට බර නැති හිතත් සතුටු වෙන මට්ටමේ කොලිටි එකක් දෙන්න පුළුවන් විදියෙ ලයිට් බ්‍රැන්ඩ් එකක් තමයි Godox කියන්නෙ.



Godox කියන්නෙ 1993දි ආරම්භවුන ආලෝකකරණ ආම්පන්න නිශ්පාදනය කරන චීන සමාගමක්. අධික මිලගනන්වලට අලෙවිවන ආලෝකකරණ උපකරණ අතරෙ දැරිය හැකි මුදලකට ඉහල ගුණාත්මක උපකරණ වර්ග ගණනාවක් ගොඩොක්ස් වෙතින් ලබාගන්න පුළුවන්. මේගොල්ලන්ගෙ විශේෂත්වය වන්නෙ මේක ලයිට් එකකට පමණක් සීමාවුන ආයතනයක් නොවීම. 

මේ කියවන ඕගොල්ලන් ආලෝකකරණය ගැන යම් හැදැරීමක් කර ඇත්නම් දැනටමත් දන්නව ඇති අපිට කෘ‍ත්‍රීම ආලෝකයක් ලයිට් මගින් දෙනව වගේම ස්වභාවික ආලෝකයත් යම් මට්ටමකට හසුරවන්න පුළුවන් කියන එක. ඒකට අපිට යොදාගන්න පුළුවන් උපකරණයක් තමයි පරාවර්තක කියන්නෙ(Reflector) godox කියන්නෙ මේ පරාවර්තකයෙ ඉඳලම ගුණාත්මකව නිෂ්පාදනය කරන ආයතනයක්. අපි කවුරුත් කැමතියිනෙ ලයිට් එකක් ගත්තම ඒකට අදාල අනෙක් අමතර උපාංග උනත් ඒ වර්ගයෙන්ම ගන්න.

එතනින් පටන් ගත්තම කැමරාවට ලයිට් එකක් සම්බන්ධ කරන කේබල්, gel filters, Flash diffusers වගේ පොඩි පොඩි දේවල් පවා ගොඩොක්ස්ලා නිශ්පාදනය කරනව. මින් සමහර දේවල් කැනන්, නිකොන් ෆ්ලැශ්වල accessories ලෙසත් මිලදීගන්න පුළුවන්.

දැන් අපි ගොඩොක්ස්ලාගේ Speed lights, LED ගැන කෙටියෙන් හැඳින්වීමක් කලොත් godox speedlight කැමරා සඳහා පමනක් නොව smartphone සඳහාද නිපදවා තිබෙනව. Godox A1 නමින් හඳුන්වන එම Speed light එක හඳුන්වන අතර එය සරළ app එකකින් ජංගම දුරකථනයේ කැමරාව සමග සම්බන්ධව එකට සම්බන්ධව ක්‍රියාකරයි.

එ අතරම කැමරා සඳහා නොයෙක් මාදිලිවල speedlights වෙලඳපලතුල දකින්නට ලැබෙයි. ඉන් කිහිපයක් පිලිබඳව කෙටි හැඳින්වීමක් මෙලෙස ඉදිරිපත්කල හැක.

Godox TT350 – AA sized බැටරි දෙකක් මගින් හෝ ලිතියම් බැටරියක් මාර්ගයෙන් ක්‍රියාකරන මාදිලි දෙකක් තිබේ. මෙය ඉතා සැහැල්ලු මෙන්ම ප්‍රමාණයෙන් කුඩා Flash එකකි. එම හේතුවෙන්ම මෙහි Guide numberඑකද තරමක් අඩු අගයක් ගනී. එමනිස මෙය ප්‍රමාණයෙන් කුඩා කැමරා සඳහා උචිතවනු ඇත.

Godox TT600 – TT685 මෙම මාදිලි AA ප්‍රමාණයේ බැටරි 4කින් ක්‍රියාකරයි. මෙහි 600 මාදිලිය TTL පහසුකම නොමති අතර 685 හි TTL පහසුකම පවතියි. තවද නවීන ෆ්ලැශර්වල තිබෙන HSS, wireless trigger පහසුකම්ද මේවායේ පවතියි. ඉහල Guide numberඑකක්ද ඇත.

Godox V850ii – V860ii මාදිලිවලද ඉහත පහසුකම් සියල්ලම ඇති අතර ඒ සඳහාම නිර්මාණය කරන ලද බැටරියකින් සමන්විතයි. මෙහි V850ii මාදිලිය TTL මාදිලිය වන අතර V860ii මාදිලිය TTL සහිත මාදිලිය වෙයි.

Godox V1 මෙය ගොඩොක්ස් නවීන flash light එකක් වන අතර මෙය වෙනස්ම ආකාරයකින් රවුම් මුහුණතක් සමග නිපදවා ඇත. එමගින් ආලෝකය පැතිරීම වඩා සාර්ථකව සහ ඒකාකාරීව සිදුකරනුලබයි. එමෙන්ම මේ සඳහාම විෂේශයෙන් නිපදවූ අමතර උපකරණ කිහිපයක්ද ඇත. ඒවා මගින් ආලෝකයේ වර්ණය, දිශාව පාලනය/වෙනස් කිරීමේ හැකියාව ලැබෙයි.

මේවාට අමතරව AD200 සහ AD360 වැනි මාදිලිද ඇත. මේවා සාමාන්‍ය speedlight එකකට වඩා බලයෙන් වැඩි අතර ඒවාට වඩා ක්‍රියාකාරිත්වයෙහි යම් යම් වෙනස්කම්ද පෙන්වනු ලබයි !

මේවාට අමතරව තවත් මාදිලි කිහිපයකම විදුලිය මගින් ක්‍රියාකරන සහ බැටරි බලයෙන් ක්‍රියාකරන Studio lights මාදිලි කිහිපයක්ම ගොඩොක්ස් විසින් හඳුන්වාදී තිබේ. මේවාද ඉහත සඳහන්කල ෆ්ලැශ් මෙන්ම එකිනෙකට වෙනස්වූ ආලෝක මට්ටම්වලින් ලබාගත හැක.

බැටරි මගින් ක්‍රියාකරන මාදිලි ලෙස Godox AD300pro , Godox AD400pro, Godox AD600b, AD600BM සහ AD600pro  යන මාදිලි සඳුන්වාදිය හැකිය. මේ සියල්ලක්ම එකිනෙකට වෙනස්වූ බලයන් සහ ක්‍රියාකාරීත්වයන්ගෙන් සතුවෙයි. AD600b – AD600BM මාදිලි මේවායින් අවම මිලකට ලබාගත හැකි අතර මේ මාදිලින් අනෙක් ඒවාට සාපේක්ෂය සරළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වේ. Pro මාදිලියෙ සියලුම ඒවා වඩා දියුණුකරනලද ක්‍රියාකාරීත්වයක් සතුවන අතර එක දිගට භාවිතා කරමේදී සිදුවිය හැකි වර්ණ වෙනස්වීම ( color temperature ) ඉතා අවම කරගත හැකිවන ලෙස නිර්මාණය කර ඇති නිසා වර්ණ නිවරද්‍යතාව පිලිබඳව ඉතා සැලකිලිමත්වන ඕනෑම අයෙක් සඳහා මෙන්ම නව තාක්ෂණයට කැමති ඕනෑම කෙනෙක්ට වඩා උචිත වනු ඇත.

මේ මාදිලි සියල්ලක්ම ( AD600 bm හැර) අනෙක් සියළුම මාදිලි TTL පහසුකම සහිතයි. එයට අමතරව මේ සියළුම මාදිලි Manual, Repeat, High Speed Syncing, Radio slave වැනි පහසුකම්වලින්ද යුතුයි. 

එමෙන්ම සාම්ප්‍රදායික විදුලියෙන් ක්‍රියාත්මකවන ආකාරයේ studio lightමාදිලි කිහිපයක්ද තිබේ. මේවායේද ඉහත මාදිලිවල පහසුකම් සියල්ලක්ම පාහේ අඩංගුවන අතර මේවා වඩාත් සුදුසුවන්නේ ගෘහාශ්‍රිත ස්ටූඩියෝ වැනි ස්තාන සඳහා වඩාත් යෝග්‍ය වෙයි.

GODOX SK, Godox QT, QS, DPii, MS නමින් මාදිලි ගනනාවකින් නොයෙක් ආකාරයේ පහසුකම් සහිත studio lights විශාල ප්‍රමාණයක් වෙළඳපලේ තිබේ. මින් සමහර මාදිලි තනි තනිව ලබාගත හැකි අතර සමහර මාදිලි lights, stands , modifiers , Radio slaves සියල්ලක්ම සතු පැකේජ ලෙසද ලබාගැනීමේ හැකියාව ඇත.

මෙයට අමතරව godox සතු radio slaves මාදිලීන් ගනනාවක්ද තිබේ. රේඩියෝ ස්ලේව් උපාංගය පිලිබඳව මදක් පැහැදිලි කලහ්ත් මෙමගින් කරන්නේ අදාල speed light හෝ Studio light දුරස්ථව පාළනය කිරීමේ හැකියාව ලබාදෙයි. කෘත්‍රීම ආලෝකය සමග ඡායාරූපකරණයේදී වඩාත් ගුනාත්මක ප්‍රතිඵලයක් ගැනීම සඳහා නිර්දේශ කරනු ලබන්නෙ ආලෝක ප්‍රභවය කැමරාවෙන් ඉවතටගෙන ආලෝකය ලබාදීමයි (off the camera). මෙහිදී විධානය දෙනු ලබන උපකරණය Master ලෙසත් , විධානය ලබාගන්නා උපාංගය slave ලෙසත් හඳුන්වාදෙනු ලබයි. මෙහිදී කෙටි තරංගයක් මගින් අවශ්‍ය slave වෙත ආලෝකය පාලනය කලයුතු ආකාරය.


හෙවත් ආලෝකයෙ ප්‍රමාණය, කාලය වැනි දත්තයන් යවනු ලබයි. මේ සඳහා   Godox X1, X1 pro , X2 යන මාදිලි  වර්ථමානය වන විට ඔබට ලබාගත හැක. මෙයින් X1 මාදිලිය මූලිකම පහසුකම් ඇති මාදිලිය වන අතර X2 මාදිලිය සතු පහසුකම් මදක් වැඩි අතර Godox X1හා සසඳා බලනකල ඊට වඩා ඉතා පහසුවෙන් භාවිතාකල හැකි ලෙස නිපදවා ඇත.

පහත දැක්වෙන්නේ ගොඩොක් ආයතනය මගින් නිපදවනුලබන speed lights සහ Studio lights සමග භාවිතාකල හැකි අමතර උපාංගවලින් කිහිපයකි. 

Godox යනු වචන කිහිපයක ලිපියකින් ලියා ඉවරකිරීමට අපහසු තරම් උපකරණ සැහෙන ප්‍රමාණයක් නිශ්පාදනය කර ඇති ආයතනයකි. ඔවුන් සතු LED lights සහ වීඩියෝ සඳහා යොදාගන්නා උපකරණ පිලිබඳව තවත් ලිපියක් සමග නුදුරේදිම මුනගැහෙමු !



Comments