ඡායාරූප ශිල්ප ඉතිහාසය - 1වන කොටස

Created : 2020-Sep-02  |  Updated : 2020-Sep-02

අද අප භාවිතා කරන අධි තාක්ෂණික කැමරාව සිය හැකියාවන් අත්පත් කර ගැනීමට එය ඉතා දිගු ‌‌ෙඑතිහාසික කඩයිම් රාශියක් පසුකර පැමිණ ඇත. ඡායාරූපකරණයේ නියුතු මෙන්ම නියැලීමට බලාපොරොත්තුවන ඔබ ඡායාරූප කරණයේ ඉතිහාසය පිළිබද යම් අවබෝධයක් ලබා සිටීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයකි.

මේ එම අරමුණ ඉටුකිරීම වෙනුවෙන් CameraLK වෙතින් ඔබ වෙත ගෙන එන ඡායාරූප ශිල්ප ඉතිහාසය පිළිබඳ ලිපි මාලාවේ පලමු වැනි කොටසයි.



ඡායාරූප ශිල්පය බිහිවීම සඳහා සෘජුව හා වක්‍රව හේතුපාදක වූ විද්‍යාත්මක සොයාගැනීම් හා දාර්ශනික මතවාද පිළිබඳ ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිවයන්නකි. මෙහි දී ආලෝකය හා එහි හැසිරීම් පිළිබඳ කර ඇති නිරීක්‍ෂණ හා දක්වා ඇති මත මෙහි මූළිකත්වය ගනී. එයින් දැනට ඇති වඩාත් පැරණි දාර්ශනික අදහස් ප්‍රකාශනය ලෙස සැලකෙන්නේ ක්‍රි. පූ. 4 වන සියවසේ ජීවත්වූ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් විසින් නිරීක්‍ෂණය කරන ලද්දකි.

මෙහි දී ඔහු විසින් කාමරයක එක් පසෙක බිත්තියේ ඇති සිදුරක් තුළින් ගමන් කරන ආලෝකය මගින් හිරුගේ ඡායාවක් අනෙක් පස බිත්තියේ සටහන් කරන බව දක්නා ලද අතර, එය තවදුරටත් විග්රහහ කර බැලීමේ දී එම සිදුරේ ප්ර මාණය අනුව සෑදෙන ඡායාවේ තියුණු බව වෙනස් වන බව ද සඳහන් කර ඇත.

එමෙන් ම ආලෝකයේ හැසිරීම පිළබඳ ප්‍රථම වරට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කර ඇත්තේ චීන ජාතික මො-ට්සු නම් පඬිවරයා වන අතර, ක්‍රය.ව. 950 දී පමණ අරාබි ජාතික අල් හසන් පඬිවරයා ද මේ පිළිබඳ අදහස් දක්වා ඇත. ඔහු විසින් ආලෝකයේ පරාවර්තනය හා වර්තනය පිළිබඳව හා මිනිස් ඇසේ ක්‍රයාකාරීත්වඅය පිළිබඳව පැහැදිලි කරන ලදී. අල් හසන් පඬිවරයා තමාගේ Optics නම් පොතේ ආලෝකය මෙන් ම මිනිස් ඇස මගින් රූප තැනීම ආදිය පිළිබඳව ඉතා දීර්ඝ විස්තර විවිධ චිත්‍ර සටහන් ද උපයෝගී කරගනිමින් දක්වා ඇත.

මින් පසුව ක්‍ර. ව. 13 වන සියවසේ දී ඉංග්‍රිසි ජාතික භෞතික විද්‍යාඥ රොජර් බේකන් නම්වූ පූජකවරයා ද ආලෝකය මගින් තනන පිළිබිඹු ගැන පර්යේෂණ පවත්වා ඇති අතර, අඳුරු කුටියක් තුළ ඇතිවන ඡායාව කැඩපතක් මගින් උඩු යටිකුරු කිරීමටත් ඔහුට හැකි වී තිබේ.

ඉන් අනතුරුව 15 වන සියවසේ දී ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චි (Leonardo Davinci) ද ආලෝකයේ හැසිරීම පිළිබඳව මෙන් ම මිනිස් ඇසෙහි ක්‍ියාකාරීත්වය පිළිබඳවත්, එය පදනම් කරගනිමින් කැමරා ඔබ්ස්කියුරාවේ ක්‍රයාකාරීත්වය පිළිබඳවත් ඔහුගේ Codex Atlanticusනම් වූ සටහන්වල දක්වා ඇත. එමෙන් ම අල්පෙනෙත්ති සිදුරු කැමරාවේ (Pinhole Camera) පළමු සැලැස්ම ද ඩාවින්චි විසින් ඉදිරිපත් කරන ලද්දකි.

ඩාවින්චිගෙන් පසුව 16 වන ශත වර්ෂයේ මැද භාගයේ දී පමණ ගිරෝලමෝ කාදනෝ (GirolamoCardano) නමැත්තා පළමු වරට කැමරා ඔබ්ස්කියුරාවේ කුඩා සිදුර වෙනුවට ද්වි උත්තල කාචයක් සවි කරන ලද අතර, එමගින් ලබා දෙන ඡායාවේ තියුණු බව වැඩි විය.

ඉන් වසර කීපයකට පසුව 1569 දී විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු වන ඩැනියෙල් බාර්බරෝ (Daniele Barbaro) කැමරා කාචය හා කාච විවරය පිළිබඳව ඉතා වැදගත් පර්යේෂණ කීපයක් සිදුකරන ලද අතර, එහි දී කාච විවරයේ ප්‍රමාණය කුඩා කරන විට ඇතිවන ඡායාවේ ගුණාත්මකභාවය ඉහල නැංවෙන බව පෙන්වා දී ඇත. එමෙන් ම ඒ අනුව අරමුණුවල පර්යාලෝක බව වෙනස්වන ආකාරය ඔහුගේ La Pratica Della Perspettiva නම් පොතෙහි පැහැදිලි කර ඇත.

-ශාන්ත ගුණරත්න BA, FNPAS, Hon. FNPAS, AFIAP

සබැඳි ලිපි

ඡායාරූප ශිල්ප ඉතිහාසය - 2වන කොටස

ඡායාරූපකරණයේ ඉතිහාසය - අවසන් කොටස


Comments